Posts

Showing posts from July, 2022

අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගන්නේ කවදා ද?

Image
  අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගන්නේ කවදා ද?  අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම ඉදිරි වර්ෂ පහකදී ඉලක්ක ගත කර ඇත්තේ පාසලේ පස් අවුරුදු සැලසුම් ක්‍රියාවලිය මගිනි. එහිදී සෑම වර්ෂයක් සඳහාම සපුරා ගත යුතු ඉලක්ක සඳහන් කර ඇත. ඉටු නොවන ඉලක්ක ඉදිරි වර්ෂයට අදාළ කර එම ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කර ඇත. Time Frame to achieve the goals Achieving results in the next 5 years is targeted through the school 5 year plan.

වර්තමානයේ පාසල ගමන් කරන දිශාව

Image
  වර්තමානයේ පාසල ගමන් කරන දිශාව  21 වන සියවසේ අධ්‍යාපන ක්‍රමයක් සඳහා දිශානුගත වෙමින් අප පාසල වර්තමානයේ ගමන් කරමින් සිටී. 21 වන සියවසේ අධ්‍යාපනය යනු ජාතික සංවර්ධනයක් සඳහා දැනුම් ආර්ථිකයකි. මේ අනුව අප පාසල විසින් විසි එක් වන සියවස සඳහා අධ්‍යාපනයෙන් බිහිකළ යුත්තේ මානව සම්පත නොව මානව ප්‍රාග්ධනය බව හොඳින් හඳුනා ගෙන ඇත. එවිට අප අධ්‍යාපනය තුලින් අපේක්ෂා කරන ශිෂ්‍ය ප්‍රජාවගේ 21 වන සියවසට අනුගත විය හැකි විසි එක් වන සියවසේ අධ්‍යාපනයේ කුසලතා සංවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස පාසල පත්කිරීමට සමස්ත පාසල් ප්‍රජාවම දිශානුගත වෙමින් පවතී Pathway of the school Our school is currently moving towards a education system catering to the needs of the 21st century with the purpose of producing human capital.

ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය:

Image
ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය:   අධ්‍යයන කාර්ය මණ්ඩලය නවීන තාක්ෂණය සඳහා අඛණ්ඩ පුහුණුවීම් ලබා දීමට  අවශ්‍ය සම්පත් පුද්ගලයින් හා එම පුහුණුවීම් ලබා දෙන අති නවීන පුහුණු මධ්‍යස්ථාන  වෙත ඔවුන් යොමු කිරීමට අවශ්‍ය සබඳතා එම ආයතන සමග ඇති කර ගැනීම. පාසල තුළ ගුරු භවතුන් සඳහා තාක්ෂණික ගුරු සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම  මගින් ගුරු භවතුන්ට, තමාට පුහුණුව අවැසි තාක්ෂණික දැනුම එම මධ්‍යස්ථානය  මගින්ම ක්ෂණිකව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම.  පාසල් පිරියතට ‘තන්තු සබඳතාව’ ලබාදී අන්තර්ජාලයට ප්‍රවේශවන්න පාසල්  පිරියතේ ඕනෑම ස්ථානයක දී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීම. පාසලේ කාර්යාලය සහ සියලුම විශේෂ ඒකක නවීන තාක්ෂණය බද්ධව කටයුතු සිදු  කිරීමට අවශ්‍ය සම්පත් හා මෘදුකාංග සපයා දීම. පාසලේ සෑම පන්ති කාමරයක ඇතුලත ස්ථාවර ව්‍යුහයක් නොව අවශ්‍යතාවය අනුව  වෙනස් කර ගත හැකි පන්ති කාමර පිරියතක් සකසා දීම. සෑම පන්ති කාමරයක්ම සුහුරු පන්ති කාමරයක් කිරීමට අවශ්‍ය සම්පත් සපුරා ගැනීම.  හරිත කළමනාකරණ සංකල්පය ක්‍රියාත්මක කරන ‘හරිත පාසලක් ’ බවට පාසල පත්  කිරීමට අව...

අප යා යුත්තේ කොතැනටද ?

Image
  අප යා යුත්තේ කොතැනටද ?  අප යා යුතු මාර්ගය පස් අවුරුදු සැලැස්ම හරහා දියත් කර ඇත. 21 වන සියවසේ අධ්‍යාපන කුසලතා දරුවන්ට ලඟා කර දෙන පාසලක් බවට පත් කිරීම අපගේ ඉලක්කය යි. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පරිසරය මධ්‍ය කාලීන සැලැස්ම මගින් සැලසුම් කර ඇත.  දරුවන්ට ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම සඳහා අවශ්‍ය පහසුකම් පන්ති කාමරය තුළ සකසා දීම. පැහැදිලි අගයන් සහ හර පද්ධතීන්ගෙන් සමන්විත පරිසරයක් පාසල තුළ ඇති කිරීම.  නවීන තාක්ෂණයෙන් සෑම පන්ති කාමරයක්ම සන්නද්ධ කරවීම.  ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තරයේ දරුවන් සමග සම්බන්ධ වෙමින් ක්‍රියාකාරකම්,  ව්‍යාපෘති සිදු කිරීමට අවස්ථාව ලබා දීම සඳහා පහසුකම් සපයා දීම.  පාසල ගැන තීරණ ගැනීමේදී ක්‍රියාශීලීව සිසුන්ට ද සහභාගි වීමට අවස්ථාවන් සපයා දීමට පරිසරය සකස් කර දීම.  දරුවන්ගේ ව්‍යවසායකත්ව මනස පෝෂණය කරන නවෝත්පාදන වැඩ සටහන් ඇතුළත් ඉගෙනුම් පරිසරයක් පාසල තුළ ඇති කිරීම  අධ්‍යයන කාර්ය මණ්ඩලයට තාක්ෂණික දැනුම, වෘත්තීය හා මාර්ගෝපදේශ කුසලතා , ඩිජිටල් පුරවැසිභාවය , නවෝත්පාදන හැකියා, නිර්මාණශීලි නව ඉගෙනුම් මාර්ග, යාවජීව ඉ...

පාසලේ වර්තමාන තත්ත්වය:

Image
පාසලේ වර්තමාන තත්ත්වය: 86 වසරක මහඟු ඉතිහාසයක් තුළින සෞභාග්‍යමත් අනාගතයක් කරා පියමං කරන,  සාරධර්ම සහ යහපත් ආකල්පයන්ගෙන් සපිරි සුචරිතවත් වැඩදායී දියණිවරුන් රටට දායාද කිරීමේ පරම අදිටනින් වර්තමාන විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලය එකමුතුව කටයුතු කරමින් සිටී. ශිෂ්‍යාවන් 2400 ක් පමණ ශාස්ත්‍ර ඥාණය ලබන 98 දෙනෙකුගෙන් යුත් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් හෙබි පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා විද්‍යා, ගණිත, කලා සහ වාණිජ යන සියලුම විෂය ධාරාවන් සහිතව උසස් පෙළ අංශය ක්‍රියාත්මක වන, 1AB වර්ගයට අයත් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි.  විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසකටද සහභාගි වීමේ අවස්ථාව විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට  වර්තමානයේ දී ලැබී ඇත. ආගමික කටයුතු හා බැඳුණු බෞද්ධ සංගම්, සෞඛ්‍ය ප්‍රවර්ධන  කමිටුව, සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය සංගම්, විද්‍යා, කලා හා වාණිජ සංගම්, සමාජ විද්‍යා සංගමය, ගෘහ විද්‍යා සංගමය, නාවික ශිෂ්‍යභට ඛණ්ඩය, පරිසර නියමු ඒකකය, සෞඛ්‍යදාන ඒකකය, රිය නියාමන ඒකකය ආදී විෂය සමගාමී ක්‍රියාවන් රැසකට විද්‍යාලයීය බාලිකාවන් සඳහා දොරටු විවර වී ඇත. දරුවන...

අප පැමිණි ගමන් මග:

Image
  අප පැමිණි ගමන් මග: අපි පළමුවෙන්ම බලමු මා සේවය කරන පාසල පැමිණි ගමන් මග දෙස.  අප පාසල 1936 මාර්තු මස 06 වන දින බෞද්ධ ධර්මදූත සභාවේ ඉල්ලීමක් පරිදි බෞද්ධ බාලිකා ඉංග්‍රීසි පාසල නමින් ගල්කිස්ස, ගාලු පාරේ අංක 40 දරණ ස්ථානයේදී ශිෂ්‍යාවන් තිදෙනෙකුගෙන් ආරම්භ කර ඇත. එවකට සුප්‍රසිද්ධ දේශපාලඥයෙකු වන ඇන්.ඇම්. පෙරේරා මහතාගේ බිරිඳ සෙලීනා එන්. පෙරේරා මහත්මිය ප්‍රථම විදුහල්පතිනිය ලෙස පත්කර පාසලේ කටයුතු සිදුකර ගෙන යාමට වගකීම් පවරා දී ඇත.  පාසලට ඇතුළත් කරන ලද දියණියන් තිදෙනාට අකුරු කිරීම ආරම්භ කරන ලද්දේ වජිරාරාමාධිපතිව වැඩසිටි නාරද හිමිපාණන් වහන්සේ විසිනි.  ඒ 1936 වර්ෂයේ මාර්තු මස දාසය වන දිනයි.  1939 වර්ෂයේදී ඉංග්‍රීසි පසුබිමක් සහිත අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර ඇති අතර, එම වර්ෂයේම දෙසැම්බර් 10 වන දින සිට අප පාසල රජයේ අනුමැතිය ලත් පාසලක් ලෙස නම් කරන ලදී. 1939 වර්ෂයේදීම එවකට විදුහල්පතිනි ඊ.එම්.ඩී. අල්විස් මහත්මිය විදුහල්පතිනිය ලෙස පත් වී ඇති අතර එම කාලය තුළ දී වර්තමානයේ පාසල හඳුන්වන නාමය වන “බෞද්ධ බාලිකා විද්‍යාලය” ලෙස පාසල නම් කරන ලදී.  එමෙන්ම 1938.05.11 දින දැනට අප පාසල පවතින...

Introduction to EDSODA

Image
EDSODA සංකල්පය මා සේවය කරන්නේ ගල්කිස්ස ප්‍රදේශයේ පිළියන්දල අධ්‍යාපන කලාපයට අයත් 1AB බාලිකා පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක ලෙසට ය.  මෙම පාසල පිළිබඳව EDSODA සංකල්පය භාවිතා කරමින් විග්‍රහයක යෙදීමට මම බලාපොරොත්තු  වෙමි.  EDSODA සංකල්පය පහත සඳහන් පරිදි හඳුනාගත හැක. E- Experience-  අප පැමිණි ගමන් මග D- Direction -  වර්තමානයේ පාසල ගමන් කරන දිශාව S - Situation new -  වර්තමාන තත්ත්වය O- Outcome desired   -  අප යා යුත්තේ කොතැනටද? D -  Deadline  -  අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගන්නේ කවදා ද? A-  Action steps - ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය Introduction to EDSODA I currently work at a leading girls' school in Mount Lavinia as a deputy principal. It belongs to the Piliyandala education zone and it is an 1AB school. This blog will give an overview about the EDSODA practices at my school.