අප පැමිණි ගමන් මග:
අප පැමිණි ගමන් මග:
අපි පළමුවෙන්ම බලමු මා සේවය කරන පාසල පැමිණි ගමන් මග දෙස. අප පාසල 1936 මාර්තු මස 06 වන දින බෞද්ධ ධර්මදූත සභාවේ ඉල්ලීමක් පරිදි බෞද්ධ බාලිකා ඉංග්‍රීසි පාසල නමින් ගල්කිස්ස, ගාලු පාරේ අංක 40 දරණ ස්ථානයේදී ශිෂ්‍යාවන් තිදෙනෙකුගෙන් ආරම්භ කර ඇත. එවකට සුප්‍රසිද්ධ දේශපාලඥයෙකු වන ඇන්.ඇම්. පෙරේරා මහතාගේ බිරිඳ සෙලීනා එන්. පෙරේරා මහත්මිය ප්‍රථම විදුහල්පතිනිය ලෙස පත්කර පාසලේ කටයුතු සිදුකර ගෙන යාමට වගකීම් පවරා දී ඇත. පාසලට ඇතුළත් කරන ලද දියණියන් තිදෙනාට අකුරු කිරීම ආරම්භ කරන ලද්දේ වජිරාරාමාධිපතිව වැඩසිටි නාරද හිමිපාණන් වහන්සේ විසිනි. ඒ 1936 වර්ෂයේ මාර්තු මස දාසය වන දිනයි. 1939 වර්ෂයේදී ඉංග්‍රීසි පසුබිමක් සහිත අධ්‍යාපන ක්‍රමය ආරම්භ කර ඇති අතර, එම වර්ෂයේම දෙසැම්බර් 10 වන දින සිට අප පාසල රජයේ අනුමැතිය ලත් පාසලක් ලෙස නම් කරන ලදී.
1939 වර්ෂයේදීම එවකට විදුහල්පතිනි ඊ.එම්.ඩී. අල්විස් මහත්මිය විදුහල්පතිනිය ලෙස පත් වී ඇති අතර එම කාලය තුළ දී වර්තමානයේ පාසල හඳුන්වන නාමය වන “බෞද්ධ බාලිකා විද්‍යාලය” ලෙස පාසල නම් කරන ලදී. එමෙන්ම 1938.05.11 දින දැනට අප පාසල පවතින භූමිය, එනම් බ්‍රිතාන්‍යය පාලන සමයේ දී තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා විසින් ගොඩනගන ලද ‘ලැවීනියා’ ගොඩනැගිල්ල ආශ්‍රිත භූමිය වෙත රැගෙන ඒම සිදු විය. 1939 වර්ෂයේදී පාසලේ ප්‍රථම ක්‍රීඩා උත්සවය, ප්‍රථම අධ්‍යාපන චාරිකාව සහ විවිධ ප්‍රසංගය පවත්වා ඇත.
වර්ෂ 1961 දී රජයට පවරා ගනු ලැබූ අප පාසල එතැන් සිට උසස් පාඨශාලා සහතික පත්‍ර විභාග සඳහා පන්ති ආරම්භ කරමින් ජනප්‍රිය තලයට පත්වන විට පාසලේ ශිෂ්‍යාවන් සංඛ්‍යාව ද ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගමන් කර ඇත.
පැමිණි ගමන් මග තුළ මේ දක්වා විදුහල්පතිනියන් දොලොස් දෙනෙකු යටතේ පාසල සංවර්ධනය වෙමින් පැමිණ ඇති බව අද වන විට ප්‍රදේශයේ ජනප්‍රියතම 1AB පාසලක් බවට පත් වීමම ඒ සඳහා හොඳම සාක්ෂියකි. විෂයමාලා කටයුතු මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු වලින් ද දස්කම් දක්වන සිසුවියන් රැසක් සමාජගත කිරීමත් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස බෞද්ධ බාලිකාව අභිෂේක ලැබීමත් කටු කොහොලින් පිරි පැමිණි ගමන් මග අභියෝග ජය ගනිමින් ජයග්‍රාහීව ඉදිරියට ඇදෙන පාසලක් බවට පත් කර ඇති බවට හොඳම සාක්ෂියකි.
Our History
The school has a long history of 86 years. The first principal of our school was Mrs. Seleena N. Perera wife of the famous politician Dr. N.M Perera. The school was first founded with only 3 girls as students. Later the school was moved to the famous building "Lavinia" which was built by Sir Thomas Maitland. In 1961 it was taken over by the government and gradually it became a popular girls' school in the area.

Comments
Post a Comment