ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය:
ඒ සඳහා උපාය මාර්ග සම්පත්වල අවශ්‍යතාවය:
අධ්‍යයන කාර්ය මණ්ඩලය නවීන තාක්ෂණය සඳහා අඛණ්ඩ පුහුණුවීම් ලබා දීමට
අවශ්‍ය සම්පත් පුද්ගලයින් හා එම පුහුණුවීම් ලබා දෙන අති නවීන පුහුණු මධ්‍යස්ථාන
වෙත ඔවුන් යොමු කිරීමට අවශ්‍ය සබඳතා එම ආයතන සමග ඇති කර ගැනීම.
පාසල තුළ ගුරු භවතුන් සඳහා තාක්ෂණික ගුරු සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම
මගින් ගුරු භවතුන්ට, තමාට පුහුණුව අවැසි තාක්ෂණික දැනුම එම මධ්‍යස්ථානය
මගින්ම ක්ෂණිකව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම.
පාසල් පිරියතට ‘තන්තු සබඳතාව’ ලබාදී අන්තර්ජාලයට ප්‍රවේශවන්න පාසල්
පිරියතේ ඕනෑම ස්ථානයක දී ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීම.
පාසලේ කාර්යාලය සහ සියලුම විශේෂ ඒකක නවීන තාක්ෂණය බද්ධව කටයුතු සිදු
කිරීමට අවශ්‍ය සම්පත් හා මෘදුකාංග සපයා දීම.
පාසලේ සෑම පන්ති කාමරයක ඇතුලත ස්ථාවර ව්‍යුහයක් නොව අවශ්‍යතාවය අනුව
වෙනස් කර ගත හැකි පන්ති කාමර පිරියතක් සකසා දීම.
සෑම පන්ති කාමරයක්ම සුහුරු පන්ති කාමරයක් කිරීමට අවශ්‍ය සම්පත් සපුරා ගැනීම.
හරිත කළමනාකරණ සංකල්පය ක්‍රියාත්මක කරන ‘හරිත පාසලක් ’ බවට පාසල පත්
කිරීමට අවැසි හරිත කළමනාකරණයේ උපාය මාර්ගික ප්‍රවේශ 4R පාසල තුළ
ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්පත් පුද්ගල දායකත්වය, පුහුණු අවස්ථා පාසල්
ප්‍රජාවට ලබා දීම.

Comments
Post a Comment