අප යා යුත්තේ කොතැනටද ?
අප යා යුත්තේ කොතැනටද ?
අප යා යුතු මාර්ගය පස් අවුරුදු සැලැස්ම හරහා දියත් කර ඇත. 21 වන සියවසේ අධ්‍යාපන කුසලතා දරුවන්ට ලඟා කර දෙන පාසලක් බවට පත් කිරීම අපගේ ඉලක්කය යි. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පරිසරය මධ්‍ය කාලීන සැලැස්ම මගින් සැලසුම් කර ඇත.
- දරුවන්ට ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම සඳහා අවශ්‍ය පහසුකම් පන්ති කාමරය තුළ සකසා දීම.
- පැහැදිලි අගයන් සහ හර පද්ධතීන්ගෙන් සමන්විත පරිසරයක් පාසල තුළ ඇති කිරීම.
- නවීන තාක්ෂණයෙන් සෑම පන්ති කාමරයක්ම සන්නද්ධ කරවීම.
- ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තරයේ දරුවන් සමග සම්බන්ධ වෙමින් ක්‍රියාකාරකම්,
- ව්‍යාපෘති සිදු කිරීමට අවස්ථාව ලබා දීම සඳහා පහසුකම් සපයා දීම.
- පාසල ගැන තීරණ ගැනීමේදී ක්‍රියාශීලීව සිසුන්ට ද සහභාගි වීමට අවස්ථාවන් සපයා දීමට පරිසරය සකස් කර දීම.
- දරුවන්ගේ ව්‍යවසායකත්ව මනස පෝෂණය කරන නවෝත්පාදන වැඩ සටහන් ඇතුළත් ඉගෙනුම් පරිසරයක් පාසල තුළ ඇති කිරීම
- අධ්‍යයන කාර්ය මණ්ඩලයට තාක්ෂණික දැනුම, වෘත්තීය හා මාර්ගෝපදේශ කුසලතා , ඩිජිටල් පුරවැසිභාවය , නවෝත්පාදන හැකියා, නිර්මාණශීලි නව ඉගෙනුම් මාර්ග, යාවජීව ඉගෙනුම් ලාභියෙකු සහ හොඳ සන්නිවේදකයකු බවට පත් කරවීමට අවශ්‍ය පහසුකම් සපයා දීම.
- පාසලේ සියලුම පන්ති කාමර නම්‍යශීලී විය යුතුයි. පන්ති කාමරය තුළ සිදු කරන ක්‍රියාකාරකම් අනුව පන්ති කාමරය වෙනස් කර ගත හැකි පරිදි එහි භෞතික පරිසරය සකසා දීම. අංග සම්පූර්ණ සුහුරු පරිසරයක් පන්ති කාමරවලට ලබා දී සම සාධාරණ ඉගෙනුම් අවස්ථා පාසලේ සෑම ශිෂ්‍යයෙකුටම ලබා දීම.
- ව්‍යවසායකත්ව තරුණ පරපුරක්, ඩිජිටල් පුරවැසිභාවය ලබාගත් තරුණ පිරිසක් සමාජගත කිරීම සඳහා පාසල තුළ ව්‍යවසායකත්ව ප්‍රවේශ හා නවෝත්පාදන ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම.
- හරිත කළමනාකරණය පාසල තුළ ක්‍රියාත්මක කර ‘හරිත පාසලක් ’ බවට පත් කිරීම.
Where should we go?
The way forward is planned through the five year plan. Our goal is to achieve a smart environment in the school which caters to the needs of a 21st century student.

Comments
Post a Comment