පාසලේ වර්තමාන තත්ත්වය:

පාසලේ වර්තමාන තත්ත්වය:

86 වසරක මහඟු ඉතිහාසයක් තුළින සෞභාග්‍යමත් අනාගතයක් කරා පියමං කරන, 
සාරධර්ම සහ යහපත් ආකල්පයන්ගෙන් සපිරි සුචරිතවත් වැඩදායී දියණිවරුන් රටට දායාද කිරීමේ පරම අදිටනින් වර්තමාන විදුහල්පතිනිය ඇතුලු ආචාර්ය මණ්ඩලය එකමුතුව කටයුතු කරමින් සිටී. ශිෂ්‍යාවන් 2400 ක් පමණ ශාස්ත්‍ර ඥාණය ලබන 98 දෙනෙකුගෙන් යුත් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් හෙබි පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා විද්‍යා, ගණිත, කලා සහ වාණිජ යන සියලුම විෂය ධාරාවන් සහිතව උසස් පෙළ අංශය ක්‍රියාත්මක වන, 1AB වර්ගයට අයත් ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකි. 

විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසකටද සහභාගි වීමේ අවස්ථාව විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට 
වර්තමානයේ දී ලැබී ඇත. ආගමික කටයුතු හා බැඳුණු බෞද්ධ සංගම්, සෞඛ්‍ය ප්‍රවර්ධන 
කමිටුව, සිංහල හා ඉංග්‍රීසි සාහිත්‍ය සංගම්, විද්‍යා, කලා හා වාණිජ සංගම්, සමාජ විද්‍යා සංගමය, ගෘහ විද්‍යා සංගමය, නාවික ශිෂ්‍යභට ඛණ්ඩය, පරිසර නියමු ඒකකය, සෞඛ්‍යදාන ඒකකය, රිය නියාමන ඒකකය ආදී විෂය සමගාමී ක්‍රියාවන් රැසකට විද්‍යාලයීය බාලිකාවන් සඳහා දොරටු විවර වී ඇත.

දරුවන්ගේ නිරෝගීභාවයට අත්වැල් සපයමින් කායික හා මානසික සුවයෙන් දරුවන් 
සුරක්ෂිත කරන්නට මේ දක්වා පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සහ ඩෙංගු රෝග මර්දන 
ඒකකය සිය දායකත්වය සපයා තිබෙන බව ප්‍රකාශ කළ හැකිය. සතියේ සෑම දින දෙකකදීම අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන දෙමාපිය ශ්‍රමදාන සහ දේශීය ආහාර සහ ස්වභාවික යුෂ  පමණක් අලෙවි කරන ආපනශාලාව අප පාසල සතු විශිෂ්ට ව්‍යවහාරයන්ය. බස්නාහිර පළාතේ හොඳම ඩෙංගු මර්දන පාසල් තේරීමේ තරඟයෙන් දෙවන ස්ථානයද කොළඹ දිස්ත්‍රික්කයේ හොඳම සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල ලෙස අඛණ්ඩව තෙවරක් සම්මානයට පාත්‍ර විය. දේශීය ආහාර සහ ස්වභාවික පලතුරු යුෂ පමණක් අලෙවි කරන පාසල් ආපනශාලාවට ශ්‍රේණියේ සම්මානය හිමි විය. ජාතික ඵලදායිතා සම්මානය සඳහා වන තරඟයෙන් විශිෂ්ට කුසලතාවය අප පාසල සතු කර ගෙන තිබීම පාසලේ ක්‍රමවත් බවට මහඟු සාක්ෂියකි. විධිමත් විෂය මාලාව ක්‍රියාත්මක කිරීමද ඉතා විශිෂ්ට ලෙස පාසලේ සිදු වේ. සෑම වර්ෂයකම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවන ශිෂ්‍යාවන්ගේ ප්‍රමාණය ඉහල යන අතර ලකුණු 100 ඉක්මවූ ශිෂ්‍ය ප්‍රතිශතය 90% වේ. අ.පො.ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵලද වාර්ෂිකව වැඩි වන අතර මෙවර සමත් ප්‍රතිශතය 94% ක් විය. සෑම වසරකම අ.පො.ස. (උ.පෙළ)විභාගයෙන්ද සියලුම විෂය ධාරාවන්ගෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සිසුවියන් පහලොස් දෙනෙකු පමණ සුදුසුකම් ලබන අතර පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා බොහොමයක් සිසුවියන් වාර්ෂිකව ඇතුළත් වේ.







Current Situation


Currently there are about 2400 students studying in the school and the academic staff consists of 98 members. The students have the opportunity to participate in many co-curricular activities including but not limited to the Buddhist Association, Health promotion club, English and Sinhala literary Association and the Naval Cadet unit. Many doors have being opened for the school students to improve their physical and mental wellbeing.

The school was crowned as the best health promoting school in the Colombo district as well as the first runners up in the Western province for preventing dengue in the school premises for 2 consecutive years. The school has also achieved excellence in the competition for National Productivity. These awards are a great testimony to the orderliness of the school. 

The implementation of the formal curriculum is also excellent in the school. The pass percentage of every National examination has reached nearly 95%.


Comments

Popular posts from this blog

වර්තමානයේ පාසල ගමන් කරන දිශාව

අප යා යුත්තේ කොතැනටද ?

අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර ගන්නේ කවදා ද?